ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක්

ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (27) පෙරවරුවේ පැවැත් වුණා.

එහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල ගැටලු සහ ඒ්වා විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර, එම ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන , වරාය සහ සිවිල් ගුවන් සේවා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, ධිවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව දිට්වාවලින් වූ හානිපූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒ්කකයක් ස්ථාපිත කිරිම පිළිබඳවද මෙහිදී අවධානය ‌යොමු වුණා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Maitrey Kulkarni, දේශපාලන අංශ‌යේ පළමු ලේකම් Navya Singla, වාණිජ අංශයේ පළමු ලේකම් Saurabh Sabhlok ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00