ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට නව කාර්ය සාධක බලකායක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින පත්කර තිබෙනවා.
ඉන්ෆොසිස් සමාගමේ සම නිර්මාතෘ නන්දන් නිලේකානිගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් රජයට ලබාදෙනු ඇති බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා එක්ස් පණිවුඩයක් තබමින් පවසන්නේ.
එම වාර්තාව මත පදනම්ව, ඉදිරි විභාගවල විශ්වසනීයත්වය සහතික කිරීමේ කටයුතු සිදු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ පිරිස් දැන් සිරගත කර ඇති බවත්, විභාග සම්බන්ධයෙන් දැඩි නීතිමය විධිවිධාන සහිත නව නීති සම්පාදනය කිරීමේ මුල් පියවර අද පාර්ලිමේන්තුවේදී ගන්නා බවත් මෝදිගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
නව තාක්ෂණය සමග ඉන්දීය විභාග ක්‍රමය විශ්වාසනීය සහ විනිවිධභාවයකින් යුක්ත විය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.













