ජූලි මාසයේ මුල් දින 21 මෙරටට සංචාරකයින් 138,730ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙලෙස පැමිණ ඇති සංචාරකයින් 138,730 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානු සංචාරකයින් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
එමෙන්ම චීනයෙන් 8,484ක්, එක්සත් රාජධානියෙන් 14,959ක් සහ නෙදර්ලන්තයෙන් 8,415ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මේ අතර 2026 ජනවාරි 01 සිට ජූලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,285,303ක් ලෙස වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මේ අතර මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 475.6ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













