Update – ඉන්දීය අධ්‍යාපන ඇමතිගේ ඉල්ලා අස්වීමට කැරපොත්තන්ගේ ජනතා පක්ෂයේ දැඩි සතුට

ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට ලැබුණු විශාල ජයග්‍රහණයක්’ බව හිටපු දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසනවා.

සිය එක්ස් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් දිල්ලි හිටපු මහ ඇමතිවරයා මේ බව සඳහන් කළා.

ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව මුළු රටටම සුබ පැතුම් එක්කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයට ලැබුණු විශාල ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

තරුණ ප්‍රජාව නියෝජනය කරන ‘කැරපොත්තන්ගේ ජනතා පක්ෂය’ මේ වනවිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලින් ප්‍රධානතම ඉල්ලීමක් වී තිබුණේ ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමට ප්‍රතිචාර දක්වමින් කැරපොත්තන්ගේ ජනතා පක්ෂය එක්ස් හි සටහනක් තබමින් කියා සිටියේ, “අධ්‍යාපන අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත. ශිෂ්‍ය බලයට දීර්ඝායුෂ!” යනුවෙනි.

කොක්‍රෝච් ජනතා පක්ෂය හෙවත් කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කරමින් දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50