මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ (24) දිනයේ දී ඩෙංගු රෝගීන් 761 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එම ඒකකය පවසන්නේ මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර ජුලි මාසයේ ගත වූ දින 24ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 25,530 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් හඳුනාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













