පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අසල පුටුවේ අසුන් ගැනීමට නොහැකි බව
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.
අදාළ දැනුම්දීම ලිඛිතව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් තමා වෙත දැනුම්දුන් බවයි කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.
ඒ, අනුව තමන් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තැන මාරුකර දෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ හැසිරීම සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් අද (23) පාර්ලිමේන්තුවේ දී ඇති වුණා.
එම තත්ත්වයත් සමඟ කතානායකවරයා මේ බව සඳහන් කළ අතර, සභානායක බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මීට මැදිහත් වුණා.













