විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබාදීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම විශේෂ සාකච්ඡාව පවැත්වෙන බවයි වාර්තා වුණේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව සඳහන්.
විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර තිබෙනවා.
මේ අතර ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට දරන උත්සාහයෙන් නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කැඳවා විශේෂ රැස්වීමක් සංවිධානය කරන ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් මීට පෙර ඉල්ලා සිටියා.













