විපක්ෂයේ සියලු පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබාදීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම විශේෂ සාකච්ඡාව පවැත්වෙන බවයි වාර්තා වුණේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව සඳහන්.

විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර තිබෙනවා.

මේ අතර ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට දරන උත්සාහයෙන් නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කැඳවා විශේෂ රැස්වීමක් සංවිධානය කරන ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් මීට පෙර ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48