තෙල්දෙණිය, පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල ඇති ගලක් මතින් පහළට වැටීළමුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව ඇති බවයි පන්විල පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසු වූ නකල්ස්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙක්.
මෙම ළමුන් දෙදෙනා තවත් පිරිමි දරුවන් සිව්දෙනෙකු සමඟ දිය ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
පන්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













