ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් සිව් හැවිරිදි දැරියක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් ඊයේ (21) වාර්තා වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල, නිල්වැල්ල ගම්මානයේ පදිංචිව සිටි වයි.ජී දිතුලි මනුල්‍යා නැමති සිඟිති දියණියක්.
දිතුලි මනුල්‍යා තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ එකම දියණිය බවයි වාර්තා වන්නේ.
ඉකුත් සතියේ ඇති වූ තද උණ රෝගය හේතුවෙන් දැරිය පළමුව දික්වැල්ල දිසා රෝහලට ඇතුළත් කොට අනතුරුව රෝගී තත්ත්වය උස්සසන්න වීමෙන් මාතර මහ රෝහලටත් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවයි.
ජීවිතක්ෂයට පත් රදියගේ දේහය අද (22) පස්වරුවේ නිල්වැල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතයි.













