දික්වැල්ලේ සිව් හැවිරිදි සිඟිත්තියක් ඩෙංගු රෝගයට බිලිවෙයි

ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් සිව් හැවිරිදි දැරියක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් ඊයේ (21) වාර්තා වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල, නිල්වැල්ල ගම්මානයේ පදිංචිව සිටි වයි.ජී දිතුලි මනුල්‍යා නැමති සිඟිති දියණියක්.

දිතුලි මනුල්‍යා තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ එකම දියණිය බවයි වාර්තා වන්නේ.

ඉකුත් සතියේ ඇති වූ තද උණ රෝගය හේතුවෙන් දැරිය පළමුව දික්වැල්ල දිසා රෝහලට ඇතුළත් කොට අනතුරුව රෝගී තත්ත්වය උස්සසන්න වීමෙන් මාතර මහ රෝහලටත් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබෙනවා.

කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවයි.

ජීවිතක්ෂයට පත් රදියගේ දේහය අද (22) පස්වරුවේ නිල්වැල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48