විෂ රසායනික යොදා පළතුරු ඉදවන එක නවත්වන්න රජය සැරසෙයි

විෂ රසායනික යොදා පළතුරු ඉදවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී ඊයේ (20) සාකච්ඡාවක් පැවැත් වුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කළ කැඳවීමක් අනුව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ එම අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය, ආහාර පර්යේෂණ ඒකකය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, හොරණ පලතුරු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියා.

විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු හා අලිපේර වැනි පළතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.

පළතුරු ඉදවීම සදහා විෂ රසායනික යෙදීම වහා නතර කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාවේදී විමසා බැලුනා.

ඒ, සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් හා එම නීති බලාත්මක කිරීමට ඇති බාධා මොනවාද යන්න පිළිබඳ එහිදී සොයා බැලුනා.

දීර්ඝ කාලයක් තිස්සේ විෂ රසායනික යොදා ඉදවන පළතුරු, ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳ නිසි පර්යේෂණ පවා නොමැති තත්ත්වයක් තුළ වහා එය නියාමනය කරමින් අවශ්‍ය දැඩි නීතිමය තීන්දු තීරණ සඳහා එළැඹීමේ අවශ්‍යතාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළා.

ඒ සඳහා පාරිභෝගික පනතේ සංශෝධන සිදුකළ යුතු නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ද අමාත්‍යවරයා පැවසුවා.

ආර්ථික කෘෂිකර්මාන්තය තුළ කෘතිම පළතුරු ඉදවීම යම්තාක් දුරකට භාවිත කිරීමට සිදුවන බව පැහැදිලි කළ කෘෂි පර්යේෂණ නිලධාරීන් ජාත්‍යන්තර වශයෙන් වශයෙන්ද එවැනි ක්‍රමවේදී විද්‍යාත්මක පදනමක් මත භාවිත කෙරෙන බව පෙන්වා දෙනු ලැබුවා.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළතුරු ඉදිවීම සඳහා පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දෙන බවත්, එම විද්‍යාත්මක ක්‍රමවේද නිසි ලෙස භාවිත නොකර, පහසු කෘතිම පළතුරු ඉදවීමේ ක්‍රමවේදයන්ට බොහෝ වෙළෙඳුන් හා පළතුරු නිෂ්පාදකයන් පුරුදු වී සිටින බවත් සදහන් කෙරුණා.

ආහාර පාලන පනත විධි විධාන අනුව කිසිදු රසායනිකයක් හෝ වෙනත් ද්‍රාවණයක් පළතුරක් සමඟ ස්පර්ශ කිරීමට ඉඩ හැරිය නොහැකි බවත් මෙහිදී අදාළ නිලධාරීන් පෙන්වා දුන්නා.

පළතුරු ඉදවීමට විෂ රසායනික භාවිත කර ඇත්ද යන්න පිළිබඳ තහවුරු කෙරෙන පරීක්ෂණ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය සතුව රසායනාගාර පහසුකම් පැවතිය ද එහි අධික කාර්යබහුලත්වයක් පවතින බැවින් ඉදිරියේදී රසායනික යොදා පළතුරු ඉදිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැටලීම් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඒ සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඊයේ පැවති මෙම මූලික සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16