ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත් වුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හමුදාපති වෙත මෙහිදී සිය සුබ පැතුම් පිරිනමනු ලැබුවා.
මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක්ද පිරිනමනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













