අයිස් කිලෝ 18ක් සමඟ හිරණ දී ඇල්ලූ සැකකරුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

හිරණ පොලිස් වසමේ රුක්ගහතොටුපල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් ඊයේ (18) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුගෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මේ වනවිට හැකිව තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක ප්‍රමාණයක් සොයාගත් අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට හා ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වල දී තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (19) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08