කෝටි 09 කට අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් නව කෝටි අට ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලක සඟවා ගෙන පැමිණි ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) උදෑසන මෙලෙස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියාවේ සිට පැමිණි ගුවන් මගියෙක්.

මොහු 23 හැවිරිදි සැකකරු මැලේසියාවේ ආපනශාලාවක සේවය කරන අයෙක්වන අතර, ඔහු වෙත මැලේසියානු රිංගිට් 10,000ක් ලබාදීමේ පොරොන්දුව මත මෙම මත්ද්‍රව්‍ය තොගය මොහු අතේ මෙරටට ඒවා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් රැගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් අද (18) පෙරවරු 9.30ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ චොකලට්, ටොෆී අඩංගු භාජන 03ක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 816ක් කරල් 92ක් ලෙස සකස් කර සූක්ෂම ලෙස අසුරා සඟවාගෙන රැගෙනවිත් තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනුණා.

සැකකාර ගුවන් මගියා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40