LPL පළමු තරගයෙන් ගෝල් ගැලන්ට්ස් පිළට සුපිරි ජයක්

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජය ගැනීමට දසුන් ශානක නායකත්වය දරණ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී 213ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ගෝල් ගැලන්ට්ස් ඉනිම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් කිහිපයක්ම දියත් වූ අතර, එහිදී චරිත් අසලංක පන්දු 38කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් ද සමඟින් ලකුණු 65 කළා.

එමෙන්ම ගෝල් ගැලන්ට්ස් ආරම්භක පිතිකරු සෑම් හාපර් පන්දු 19ක් තුළ වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

ගැලන්ට්ස් ඉනිමේ අවසන් පන්සු කිහිපය තුළ ක්‍රියාත්මක වූ නායක දසුන් ශානක පන්දු 09ක් තුළ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක් ද සමඟ ලකුණු 31ක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

අනතුරුව ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි.

ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් රැස්කළ අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එෂාන් මාලිංග කඩුලු 04ක් සහ අකිෆ් ජාවෙඩ් අඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගයෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට ලකුණු 36ක ජයක් හිමි වුණා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28