කාශ්මීරයේ දරුණු ගැටුම් ව්‍යාප්ත වෙයි – සිවිල් වැසියන් 09ක් ජීවිතක්ෂයට

පාකිස්ථානය විසින් පාලනය කරනු ලබන කාශ්මීර කලාපයේදින කිහිපයක් තිස්සේ පැවැති දැවැන්ත මහජන විරෝධතා සහ පකිස්ථාන ආරක්ෂක අංශ අතර ඇතිවූ දරුණු ගැටුම්වලින් සිවිල් වැසියන් 09 දෙනෙක් මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසු, විරෝධතාකරුවන් සහ රජය අතර ඇතිකරගත් තාවකාලික එකඟතාවක් මත විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව නතර කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

කලාපය තුළ පවතින අධික ජීවන වියදම, තිරිඟු පිටි සඳහා ලබාදෙන සහනාධාර කපාහැරීම සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව ‘කාශ්මීර ඒකාබද්ධ මහජන ක්‍රියාකාරී කමිටුව’ විසින් මෙම දීර්ඝ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණා .

මුසාෆරබාද් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක පැවැති විරෝධතා මර්දනය කිරීම සඳහා පකිස්ථාන රජය විසින් අර්ධ සන්නද්ධ පොලිස් බලඇණි කැඳවීමට පියවර ගත් අතර, එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරු සහ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් තත්ත්වය අතිශය දරුණු අතට හැරුණා.

ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව පුද්ගලයන් 9 දෙනෙකු මියයාමත් සමඟ කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත් අතර, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන් ද රජය විසින් තහනම් කරනු ලැබුවා.

පවතින මාරාන්තික තත්ත්වය සමනය කිරීම සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කාශ්මීර කලාපය වෙනුවෙන් රුපියල් බිලියන 23ක (ඇමරිකානු ඩොලර් මිලියන 82ක) විශේෂ සහනාධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා .

මෙමඟින් තිරිඟු පිටි මිල ගණන් සහ විදුලි ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට රජය එකඟ වී තිබෙනවා.

රජයේ මෙම ලිහිල් ප්‍රතිපත්තිය සහ ඉල්ලීම් ඉටුකිරීමට දුන් පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවන් සිය පාගමන් තාවකාලිකව නතර කිරීමට එකඟ වී ඇති නමුත්, මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් සාධාරණය ඉටුනොවන්නේ නම් නැවත වරක් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව JAAC සංවිධානය අනතුරු අඟවා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50