අකුණු නිසා මෙරටට වසරකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක්

ශ්‍රී ලංකාවේ සෑම වසරකම අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

එමෙන්ම, අකුණු හේතුවෙන් දේපළ හා යටිතල පහසුකම්වලට සිදුවන හානියේ වටිනාකම වාර්ෂිකව රුපියල් බිලියනයකට ආසන්න බව ඇස්තමේන්තු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

අකුණු ආරක්ෂණය හා අකුණු අනතුරුවලින් ආයතන සුරක්ෂිත කිරීම පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය චන්දන ජයරත්න මේ බව සඳහන් කළා.

ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ දී (ACCIMT) ඊයේ (16) සහ පෙරේදා දිනයේ දී මෙම දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව පැවැත්වුණා.

ඒ අනුව ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, නවීන තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය විසින් ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මහාචාර්ය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11