නව නාවික හමුදාපතිවරයා සහ පොලිස්පති අතර නිල හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර, නිල හමුවක් අද දින (17) පොලිස් මූලස්ථානයේදී පැවැත් වුණා.

පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපති, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, නව නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිය සුභාශිංසන පිරිනමනු ලැබුවා.

මෙම නිල හමුවේ දී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා පොලීසිය වෙත නාවික හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුණා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සිය නව ධුරයට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පොලිස්පතිවරයා අතර වූප්‍රථම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18
Video thumbnail
දඹුල්ල යුද හමුදා කඳවුර අසල තිබී උණ්ඩ කිහිපයක් සොයාගයි - පොලිසිය හා STF එක්ව වටේම සෝදිසි කරයි
01:32
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19