ආබාධිත ප්‍රජාව සැකසූ කේෂ්ත්‍ර 6ක අයවැය යෝජනාවලියක් ජනපති ලේකම්ට

ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව විසින් ප්‍රමුඛ කේෂ්ත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ භාරදෙනු ලැබුවා.

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම සහ ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රවේශ පහසුකම් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට මෙහිදී ස්තුතිය පළ කළා.

ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම තුළින් ඔවුන්ද සමාජයේ සාමාන්‍ය කොටස්කරුවන් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ‘එක්ව අත්නොහැර’ ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කර ඇති බවත්, අයවැය යෝජනාද ඊට අනුගත වන පරිදි සකස් කර ඇති බවත් ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මෙහිදී පෙන්වා දුන්නා.

මීට අමතරව සංචාරක කර්මාන්තය තුළ ආබාධ සහිත ප්‍රජාවගේ සහභාගීත්වය වැඩි කිරීම සහ ප්‍රවේශ පහසුකම් වැඩි කිරීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සාම්ප්‍රදායික ආබාධිත ප්‍රජාව බලගැන්වීමට සකසා ඇති පුහුණුව තුළින් එම පිරිසට විවෘත රැකියා වෙළෙඳපොළ තුළ අවස්ථා නිර්මාණය නොවන බවද මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ආබාධ සහිත ප්‍රජාව සමාජයේ සම කොටස්කරුවන් බවට පත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ඊට අවශ්‍ය චක්‍රලේඛ හා නියෝග කඩිනමින් නිකුත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය, ආබාධ සහිත ප්‍රජාව සහ සිවිල් සමාජ නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11