වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නිවසට මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පැමිණියා.
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සියදිවි නසාගත් බව කියන නිවසට අද (17) දහවල් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ද පැමිණි බව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළා.
මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබූ බවයි වාර්තා වුණේ.
වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි හිටපු පොලිස්පතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1













