අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි අංශ ප්‍රධානී
සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව අටක් විසින් මෙම අතර මැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම් අද (17) දිනයේ කැඳවූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකාබලන බවයි.
ඒ, අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.













