සලේ ඉදිරිපත් කළ පෙත්සමට කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ අතරමැදි පෙත්සම් සලකාබැලීමට දිනදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි අංශ ප්‍රධානී
සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව අටක් විසින් මෙම අතර මැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් අද (17) දිනයේ කැඳවූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකාබලන බවයි.

ඒ, අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51