අඹුසැමි යුවලක් සහ කුඩා දරුවෙක් අනතුරට පත්කර පලාගිය ත්‍රීරෝද රථ රියදුරු සොයා පොලිස් විමර්ශන

හැටන් නගර මධ්‍යයේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දරුවා අනතුරට පත්කර පලා ගොස් ඇති ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද (16) දින උදෑසන 11:30ට පමණ හැටන් නගර මධ්‍යයෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ පසුසින් එම දිශාවටම අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යතුරුපැදියේ ගමන් ගත් තිදෙනා සුළු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදු කල ත්‍රීරෝද රථයේ රියදුරු අනතුර සිදු වූ පසු එම ස්ථානයෙන් ත්‍රීරෝද රථය සමග පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලාගිය ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15
Video thumbnail
අනුර කුමාර ලැජ්ජා වෙන්න ඕනේ මේවට - පොර ටෝක් දුන්නනේ
06:00
Video thumbnail
අත්අඩංගුවට ගත් ළමුන් 8459 අතර ගැහැණු ළමුන් 161ක් - නි.පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
09:13
Video thumbnail
කඩේ ඇතුලට රිංගලා ෆෝන් එකක් උස්සගෙන ගිය හැටි
00:55
Video thumbnail
වැරදි පැත්තෙන් ඇවිල්ලා හප්පලා පැනලා ගිය ත්‍රී රෝදය රථය
01:57
Video thumbnail
හරිනිගේ ජීවිතේ ඉතා ලස්සනයි - කුරුදුවත්තේ වගේ ජීවත් වෙන්නේ..අපි කුහක නෑ අනේ
07:29
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13