කොවිඩ් එන්නත වෙනුවට හෙදිය හුලං විදලා – වීඩියෝව සමාජ ජාල කලඹයි

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහනක් අතරතුරේ සිදුවූ අපරීක්ෂාකාරී සිදුවීමක් පිළිබඳව මේවන විට සමාජ ජාල ආදියේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ.

පසුගිය 21 වැනි දා එන්නත ලබා ගැනීම සඳහා තරුණයෙකු එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ ඇති අතර එන්නත ලබා දෙන්නට ඔහු වෙත ලංවන්නේ රජයේ හෙදියක්.

කෙසේ වෙතත් අදාළ තරුණයාගේ මිතුරෙකු ද එම ස්ථානයේ සිට තිබෙනවා.

සිය මිතුරා එන්නත ලබා ගන්නා ආකාරය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කිරීමට සිතූ ඔහුගේ කැමරාවෙහි සටහන් වන්නේ කිසිවෙකු නොසිතන දසුනක්.

අදාළ හෙදිය කිසියම් පුද්ගලයෙකු සමග කතාබහක යෙදී සිටින්නේ තමන්ගේ රාජකාරිය ද දෙවැනි තැනට දමමින්.

එලෙස කතාබහේ යෙදෙන අතරතුරේම එන්නත් කටුවක් අපරීක්ෂාකාරීව ඇසුරුමෙන් එළියට ගන්නා ඇය එයට එන්නත පිරවීමක් සිදු නොකරම තරුණයාට එන්නත් කරනු ලබන අයුරු අදාළ වීඩියෝවෙහි දක්නට ලැබෙනවා.

සිදුවූ වරද අදාළ හෙදිය හෝ එන්නත්කරණයට පැමිණි තරුණයා හෝ හඳුණාගන්නේ නැහැ.

කෙසේ වෙතත් වීඩියෝව ලබාගත් තරුණයා යළි එම වීඩියෝව නරඹද්දී සිදුවූ දෙය හෙළි වී තිබෙනවා.

ඔහු වහාම කටයුතු කර ඇත්තේ අදාළ වීඩියෝව සමාජ ජාල තුළ පළ කිරීමට යි.

වීඩියෝව පැතිර යාමත් සමග ඉන්දියාව තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති අතර එල්ල වූ ජනතා විරෝධතා හමුවේ අදාළ හෙදියට විරුද්ධව කටයුතු කිරීමට එරට රජයට සිදුව තිබෙනවා.

මේවන විට අනාවරණය වී ඇත්තේ මෙලෙස අපරීක්ෂාකාරීව කටයුතු කර ඇත්තේ චන්දා කුමාරී නමැති 48 හැවිරිදි හෙදියක්.

ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බවට යි වාර්තා වන්නේ.

හිස් එන්නතක් ලබාගත් තරුණයාට ඕනෑම මොහොතක පැමිණ තම කොවිඩ් මර්ධන එන්නත ලබා ගත හැකි බව ද ඉන්දීය බලධාරීන් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්ණකොට සිටින්නේ වීඩියෝවක් හරහා මෙම සිදුවීම පිළිබඳ අනාවරණය වුවත්, සාක්ෂි නොමැති වීම නිසා හෙළිදරව් නොවන මෙවන් සිද්ධි කොපමණ පවතින්නට ඉඩ ඇත්දැයි යනුවෙන්.

මේ අතර සිද්ධියට මුහුණ දුන් තරුණයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ හෙදිය මෙය සිතාමතා සිදු කළ දෙයක් නොවන බව යි.

අදාළ ස්ථානයේ දිගු පෝලිම් කිහිපයක්ම තිබූ බවත්, එහි දැඩි කලබලකාරී වාතාවරණයක් පැවැති බවත්, එම නිසා අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවටත් ඔහු පවසනවා.

අදාළ ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49