මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 25 වැනිදා

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ (MOTA Colombo Branch) 37 වන වාර්ෂික මහා සභා රැස්වීමලබන 25 වන සෙනසුරාදා කොළඹ 05, පාර්ක් පාරේ පිහිටි COLTS Cricket Club පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිව විවිධ වෘත්තීන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි නිරත වන මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයන් එකම වේදිකාවකට එක් කරමින් ඔවුන් අතර මිත්‍රත්වය, සහෝදරත්වය හා ජාලගත සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණක්.

කාර්යබහුල වෘත්තීය ජීවිතය මධ්‍යයේ වුවද ආදී ශිෂ්‍යයන් තම මව් විදුහල සමඟ ඇති බැඳීම අඛණ්ඩව පවත්වාගෙන යමින් විදුහලේ අභිවෘද්ධියට දායක වීමට මෙම සංගමය වසර ගණනාවක් පුරා කැපවී කටයුතු කරනවා.

සංගමය ආරම්භ වී වසර 39ක් සම්පූර්ණ වුවද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමට නොහැකි වූ බැවින්, මෙවර රැස්වීම 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ලෙස පැවැත්වෙනවා.

පසුගිය වසර 39 තුළ සභාපතිවරුන් 16 දෙනෙකුගේ නායකත්වය යටතේ, ලේකම්වරුන්, භාණ්ඩාගාරිකයන්, විධායක කමිටු සාමාජිකයන් සහ සාමාජිකත්වයේ කැපවූ සහයෝගය මත මෙම සංගමය කොළඹ “රන් සහ ද්විත්ව නිල්” අභිමානය ඉහළින් ඔසවා තැබීමට සමත්ව තිබේ. එමෙන්ම මාතලේ ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනික, ක්‍රීඩා, සංස්කෘතික, සමාජීය හා සුබසාධන කටයුතු සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙන ප්‍රමුඛතම ආදී ශිෂ්‍ය සංවිධානයක් ලෙසද මෙම සංගමය කටයුතු කරනවා.

ආදී ශිෂ්‍යයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා තෝමියන්ස් නයිට්, තෝමියන්ස් පැදුර, තෝමියන්ස් අවුරුදු උළෙල, තෝමියන්ස් කැරෝකී, සහ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සමඟ පැවැත්වෙන වාර්ෂික සුහද ක්‍රිකට් තරගය ඇතුළු වැඩසටහන් රැසක් වාර්ෂිකව සංවිධානය කරනවා.

මෙම වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසෙන සියලුම මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයන්ට සහභාගි වන ලෙස විධායක කමිටුව ආරාධනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39