අනුරාධපුරයේ අනතුරකින් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි – ගැබිණි කාන්තාවක් ICU

අනුරාධපුර පූජා නගරයේ ඔරලෝසුකණු වටරවුම අසල අද (15) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරකින් තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් ද බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් ගමන් කළ “සිසු සැරිය” බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරට ලක් වූ යතුරුපැදියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවක් ගමන් කර ඇති අතර, එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මූලික විමර්ශනවලට අනුව, ජීවිතක්ෂයට පත් එක් පුද්ගලයෙක් සහ තුවාල ලැබූ ගැබිණි කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ සිට යහළුවෙකුගේ නිවසට පැමිණ ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ තවත් යහළුවෙක් සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරේ හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46