අමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සාකච්ඡාවල වැඩි වාසිය ඉන්දියාවට

ඇමරිකාව සමඟ පැවැත්වෙන තීරණාත්මක වෙළඳ සාකච්ඡාවලදී වඩාත් දැඩි සහ වාසිදායක කොන්දේසි ඉදිරිපත් කරමින් ඉන්දියාව ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ස්ථාවරයක පසුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ගෝලීය වෙළඳපොළ තුළ ඉන්දියාව සතු ආර්ථික ශක්තිය සහ ස්ථාවරත්වය ඉහළ යාම හේතුවෙන්, වොෂින්ටන් නුවර පැවැත්වෙන මෙම ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇමරිකාවේ බලපෑම්වලට නම්‍යශීලී වනු වෙනුවට තම රටට උපරිම වාසි සැලසෙන සහනදායී වෙළඳ කොන්දේසි දිනා ගැනීමට නවදිල්ලි පාලනය දැඩි උත්සාහයක නිරත වනවා.

මෙහිදී ඩිජිටල් සේවාවන් සඳහා පනවා ඇති බදුකරණයන් සහ දේශීය දත්ත ගබඩා කිරීමේ දැඩි නීති ලිහිල් කරන ලෙස ඇමරිකාව කරන ඉල්ලීම් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ තම දේශීය තාක්ෂණික වෙළඳපොළ ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.

එමෙන්ම ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සහ වෛද්‍ය උපකරණ සඳහා ඉන්දීය වෙළඳපොළ විවෘත කරන ලෙස කෙරෙන බලපෑම් හමුවේ, ඉන්දියාව විසින් සිය දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් රැකගැනීම වෙනුවෙන් දැඩි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරනු ලබනවා.

ගෝලීය සැපයුම් දාමයන් චීනයෙන් ඉවත් කර ගැනීමට ඇමරිකානු සමාගම් දරන උත්සාහය හමුවේ ඉන්දියාව තමන් සතු ප්‍රධාන උපායමාර්ගික වටිනාකම මැනවින් වටහාගෙන ඇති අතර, එය ඇමරිකාවෙන් වැඩි සහන ලබා ගැනීමට අවස්ථාවක් ලෙස භාවිතා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57