රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ 2026-07-09 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී පවතිනවා.
ඒ අනුව දැනට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඉංජිනේරු එස්. එන්. බී. එම. පද්මසිරි රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













