එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 200ක් ක්‍රීඩා කරමින් එම සීමාව අභිබවා ගිය එරට දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට කඩුලු රකින පිතිකරු ජෝස් බට්ලර්ට අද (14) හැකියාව ලැබුණා.
ඒ සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ අද (15) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට එක්වෙමින්.
ජෝස් බට්ලර් අද පැවැත්වෙන තරගයත් සමඟ, එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 200කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු විසින් ලකුණු 5515ක් රැස්කර ගෙන තිබෙනවා.
එමෙන්ම කඩුලු රකින්නෙක් ලෙස ක්‍රීඩා කරමින් ජෝස් විසින් කඩුලු බිඳ දැමීම් 39ක් සහ ඕනෑම ආකාරයේ උඩ පන්දු 236ක් රැකගෙන තිබෙනවා.
ජෝස් බට්ලර්ට ඉදිරියෙන් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 225ක් ක්‍රීඩා කර ඇති, 2019 ලෝකශුර කණ්ඩායමේ නායකත්වය හෙඹවූ ඉයන් මෝගන් නුයි.













