එක්දින තරග 200කට එක්වූ එංගලන්තයේ දෙවැන්නා ලෙස බට්ලර් වාර්තා අතරට

එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 200ක් ක්‍රීඩා කරමින් එම සීමාව අභිබවා ගිය එරට දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට කඩුලු රකින පිතිකරු ජෝස් බට්ලර්ට අද (14) හැකියාව ලැබුණා.

ඒ සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ අද (15) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට එක්වෙමින්.

ජෝස් බට්ලර් අද පැවැත්වෙන තරගයත් සමඟ, එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 200කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු විසින් ලකුණු 5515ක් රැස්කර ගෙන තිබෙනවා.

එමෙන්ම කඩුලු රකින්නෙක් ලෙස ක්‍රීඩා කරමින් ජෝස් විසින් කඩුලු බිඳ දැමීම් 39ක් සහ ඕනෑම ආකාරයේ උඩ පන්දු 236ක් රැකගෙන තිබෙනවා.

ජෝස් බට්ලර්ට ඉදිරියෙන් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 225ක් ක්‍රීඩා කර ඇති, 2019 ලෝකශුර කණ්ඩායමේ නායකත්වය හෙඹවූ ඉයන් මෝගන් නුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23