ගොවීන් විසින් ගොවිතැන් කටයුතු සිදුකරගෙන යාමට ඉහළ පොළියට ණය ගැනීම තුළ නිෂ්පාදන පිරිවැය වැඩිවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
ඒ, අනුව ගොවීන්ට සහන සැලසීම සඳහා බැංකුවක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එම බැංකුව මඟින් සෑම ගොවියෙකුටම අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.
“අපේ ගොවියා ගොඩක් පිටට ණය වෙනවා. පොළීකාරයන්ට ණය වෙනවා, ගිනි පොළීකාරයන්ට ණය වෙලා, ඒ ණය ගෙවාගන්න බැරුව තමයි වී ටික විකුණන්නේ. නැත්නම් වී ටික ගණන් යනකන් ඉඳලා විකුණනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්නෙත් ගිනි පොළීකාරයින්ගෙන් ණයට ගන්න නිසා. ඒ නිසා අපි බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා යාය ගොවි සමිති හදලා හැම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් අපි ලබාදෙන්න.”













