අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.
ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ පත් කර තිබෙනවා.
මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ඔවුන් වෙත භාරදෙනු ලැබුවා.
