FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටියේ කොටස් විකිණීමට සැරසෙයි

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන නිව්යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේ තණතීරුවේ කුඩා කොටස් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සංගමය තීරණ කර තිබෙනවා.

ජූලි 19 වන දින පැවැත්වෙන අවසන් තරඟයෙන් පසුව මෙම කොටස් අලෙවි කිරීම ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය සහ යුරෝපයේ ගැනුම්කරුවන්ට පමණක් මෙම කොටස් මිල දී ගැනීමට අවස්ථාව සලසාදීමට නියමිතයි.

තණතීරුවේ කුඩා කොටස්වලට අමතරව රන් පැහැයෙන් කැටයම් කළ ලෝහ ටිකට් පතක්, කුඩා අනුරූ ලෝක කුසලාන අවසන් බෝලයක් සහක් කුඩා වීදුරු ලෝක කුසලාන අනුරුවක් ද සිහිවටන ලෙස මීට එක්කර තිබෙනවා.

මෙම වටිනා සිහිවටන සියල්ල ඇක්‍රිලික් ආවරණයක් තුළ බහා ඇති අතර, 2026 ලෝක කුසලාන ලාංඡනය, ස්ථානය, දිනය සහ තරඟයේ අවසාන ලකුණු එහි කොටා තිබෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත් Keep Stub නැමැති සමගම විසින් මෙම සිහිවටන නිෂ්පාදනය කරන අතර, සංස්කරණ හතරකට මෙම සිහිවටන සීමිත ප්‍රමාණයක් නිර්මාණය කරන බවයි වාර්තා වන්නේ.

එම එක් එක් සංස්කරණයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම සිහිවටන අලෙවියෙන් ඩොලර් මිලියන 11.2 කට වඩා වැඩි ආදායමක් උපයාගැනීම අරමුණ වී තිබෙනවා.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58