මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දේපළවලට සිදුවූ හානිය ගැන සොයන්න කමිටුවක් – මියගිය නිලධාරින්ට උසස්වීම්

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් එහි දේපළවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙනවා.

මේ අතර මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

මෙම ගැටුම සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර, ඒ අනුව මේ වනවිටත් විමර්ශන නිලධාරීන් විසින් මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මීගමුව බන්ධනාගර ගැටුමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරින් 08 දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් සහ වන්දි ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ අය අතර, බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙක් සහ රැඳවියන් 21 දෙනෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09