දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරුවේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කළා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අනෙක් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම වැළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













