මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය සන්සුන් – රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම තවමත්

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට ආරක්ෂක අංශ විසින් පාලනය කර තිබෙනවා.

මේ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්, බන්ධනාගාර බස් රථ මඟින් තවමත් වෙනත් බන්ධනාගාර වෙත මරුකර යවන බවයි අද (07) උදෑසන තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (06) දිනයේ දී රැඳවියන් 700 කට අසන්න පිරිසක් වෙනත් බන්ධාගාර වෙත මාරුකර යවා තිබුණා.

මේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්, එම රැඳවියන් ගැන තොරතුරක් අපේක්ෂාවෙන් ඊයේ (06) රාත්‍රියේ බන්ධනාගාරය අසළ රැය පහන්කරන ආකාරය දැකගත හැකි වුණා.

අද උදෑසනවන විටත් එම ඥාතීන්ගෙන් පිරිසක් බන්ධනාගාරය අසළ රැඳී සිටින ආකාරය දැකගත හැකි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (06) ඇති වූ ගැටුමින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 58 දෙනෙක් මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (06) පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මීගමුව මහෙස්ත්‍රාත්වරයා අද (07) දිනයේ මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂනයට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted