මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
අද (05) දහවල් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව මෙම කාන්තා රැඳවියන්
බන්ධනාගාරයේ වහළය මත නැඟ මෙම විරෝධතාව සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් රැඳවියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
තුවාල ලැබූ තවත් රැඳවියන් 29 දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
1
+1
+1
2













