මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට – බරපතළ තත්ත්වයෙන් එක් රැඳවියෙක් ජාතික රෝහලට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කළ රැඳවියන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අද (05) පස්වරුවේ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස රෝහල් ගතකර රැඳවියන්ගෙන් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රැඳවියෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතර තුර රැඳවියන් දෙදෙනකු පලා ගොස් තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරය තුළට විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට කටයුතු කර තිබුණා.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්