වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අය විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම හා එතෙක් පැවති ක්‍රම වේදයට පරිභාහිරව ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගිවීමට අවස්ථාව සලසා දීම තුළින් දූෂණය යන වරද සිදු කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වය තව දුරටත් පාලනය වෙලා නෑ - තව වර්ධනය වීමේ අවදානමක්
02:22
Video thumbnail
සිහින ජනපතිලා අනුරට යුද්දේ ප්‍රකාශ කරලා ? - තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නෑ
04:31
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් මාංචුත් දාගෙන අධිකරණයට රැගෙන ආ හැටි
00:49