දුමින්ද නිදහස් වෙද්දී බන්ධනාගාර දෙකක් උණුසුම් වෙයි

මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරීම සම්බන්ධයෙන් මේවන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඔහු ඊයේ (23) දින නිදහස් වූයේ ජනාධිපති සමාව යටතේ යි.

මෙවන් පසුබිමක වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහළක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මරණ දඬුවම නියම වූ රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින බව සඳහන්.

“එකම රටක් වෙනම නීතියක් ද? ඇති උන්ට ඇත” වැනි විරෝධතා පුවරු ද ඔවුන් වහළයේ සිට ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණා.

තමන්ට නියම කළ දඬුවම ලිහිල් කරන ලෙස යි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මරණ දඬුවම යන දඬුවම ඉවත් කර, එය නියම වූ දා සිට ක්‍රියාත්මකවන පරිදි ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස නියම කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීම මුල්කරගනිමින් තවත් රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ද අරඹා ඇති බව වාර්තා වනවා.

මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ද ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව සඳහන්.

එම පිරිසගේ ඉල්ලීම වී ඇත්තේ ද මරණ දඬුවම යන දඬුවම ඉවත් කර, එය නියම වූ දා සිට ක්‍රියාත්මකවන පරිදි ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස නියම කරන ලෙස යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09