2027 වර්ෂයට සඳහා සිසුන්ට ලබාදෙන පාවහන් මෙම වසරේ තෙවන පාසල් වාරයේ අවසානයට පෙර

තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/ පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආචරණය කරමින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩ සටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා .

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා එක් අයෙක්ට රුපියල් 3,000/-ක වටිනාකමින් යුත් තිළිණ පතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01