ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (30) පෙරවරුවේ රැස් වුණා.

පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සහ ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණ අතර ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ තීරණ රැසක්ද ගනු ලැබුවා.

එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වන විට පවතින පුරෝකථනයන් දත්ත මත පදනම්ව සහ මෙතෙක් කරන ලද පුරෝකථනයන් සමඟ කොතරම් දුරට සැසඳෙන්නේද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා බැලුවා.

විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂී කර්මාන්තය පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශයන්හි සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කළා.

එහිදී ජලය කළමනාකරණය කිරීමට රජය සතු සැලසුම් පිළිබඳ, කෘෂි කර්මාන්තයේදී මහ කන්නයේ වගා කටයුතු කලින් ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. එමෙන්ම වනජීවි කලාප තුළ ජලය හිඟ වීමෙන් වන සතුන්ට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

තවද ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ සූර්ය බලයෙන් නිපදවෙන බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමෙි අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එසේම ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණය ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා පසුගිය සභා වාරයන්හිදී සාකච්ඡා වූ යෝජනා අනුව සකස් වූ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව 2005 අංක 13 දරන පනතේ පවතින ප්‍රතිචාරාත්මක (Reactive) ස්වභාවය වෙනුවට, ආපදාවන් වළක්වා ගැනීමට ප්‍රමුඛතාව දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව පෙන්වා දුන්නා.

තවද ජාතික සභාවට අමතරව, ආරක්ෂක ලේකම් සහ ආපදා කළමනාකරණ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා වූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කර එම සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට යෝජනා වුණා.

පසුගිය රැස්වීමේදී සාකච්ඡා වූ රක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) හරහා සිදුවන රක්ෂණ ක්‍රියාවලියේදී රජය රක්ෂණ වාරික ගෙවන නමුත්, ආපදාවකදී රජයට ලැබෙන ප්‍රතිලාභවල පවතින අසමතුලිතතාවය පෙන්වා දුන්නා.

එබැවින් රටක් ලෙස විද්‍යාත්මක පදනමක් මත රක්ෂණාවරණයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා.

තවද ඉඩම් සහ පදිංචිය සනාථ කර වන්දි ගෙවීම දිට්වා ව්‍යසනය හමුවේ වන්දි ගෙවීමේදී ඉඩම් ඔප්පු නොමැති පවුල්වලට වන්දි ගෙවීමට නොහැකි වීමේ ගැටළුවට විසඳුමක් ලෙස, නිලධාරීන් මගින් පදිංචිය සනාථ කර වන්දි ගෙවීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම, දැනට පවතින සංකීර්ණ ඉඩම් නීති (පනත් 5ක් පමණ) සමාලෝචනය කර එක් ඒකාබද්ධ ඉඩම් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

එසේම නාය යෑම් අවදානමට ලක්ව ඇති පවුල් සහ විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවකට යටත් විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඒ සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට ප්‍රමුඛතාව දිය යුතු බව ද අවධාරණය කරනු ලැබුවා.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , ආපදා කළමණාකරණය සහ දේශගුණික ඔරොත්තු දීම පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මඟින් සකස් කළ යෝජනා සභාවට ඉදිරිපත් කළ අතර එමෙන්ම ආපදා කළමණාකරණය සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, දැනට පවතින පනත සංශෝධනයේදී එම යෝජනා සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

මීට අමතරව මුදා ගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වර්ධනය කිරීම, ප්‍රාදේශීය මට්ටමින් බෝට්ටු, ට්‍රැක්ටර් ආදි ආපදා මෙවලම් නඩත්තු කිරීම ප්‍රාදේශීය සභා වෙත පැවරීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමට මෙම සාකච්ඡවේදී තීරණය කෙරුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00