හෙට (27) දිනයේ සිට 29 වනදා දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන ලෙස ඒවායේ හිමිකරුවන්ගෙන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් ඉල්ලීමක් කරනවා.
අඩු විදුලි ඉල්ලුමක් පවතින එම කාල සීමාවේ දී විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා එලෙස ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුව් අදහස් දක්වමින් ඉල්ලා සිටියේ.
ඒ, අනුව පසුගිය වෙසක් පෝය දිනයේ ඇති වූ විදුලි බිඳ වැටීම වැනි හදිසි විදුලිය බිඳ වැටීම්වලින් තොරව පද්ධතිය පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
1
+1
+1
+1
3













