අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයයි.
සෑම වසරකම ජුනි මස තුන්වැනි ඉරිදා ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සමරුනු ලබනවා.
පියවරුන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ දිනයක් නොවුණත්, ලොව රටවල් 111 ක් මෙලෙස පියවරුන්ගේ දිනය සමරනවා.
1910 වසරේ අමෙරිකාවෙන් ආරම්භ වූ පියවරුන්ගේ දිනය, 1972 වසරේ දී එරට ජනාධිපති රිචඩ් නික්සන් විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
තාත්තා කෙනෙක් යනු, නිහඬ ආදරවන්තයෙක්.
මව්වරුන් මෙන් දරුවන් ළඟ දැවටෙමින් සෙනෙහස නිරූපණය නොකළත්, දරුවෙකුගේ ජීවිත රාමුව ගොඩනැගෙන්නේ පියවරුන්ගේ හදවත් තුළයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1













