විදේශ රැකියාවක් ලබා දෙන පවසා මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන රනිල් තරංග විතාරණ නැමැත්තාව මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයාව ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය නියෝග කළා.
මීගමුව, තලාදූව පාරේ ශාන්ත මරියා ගොරට්ටි මාවතේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ විදේශ රැකියාවක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත මුදල් වංචා කළ බවට මෙම සිදුවීමේ පැමිණිලිකරු, විසින් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය එළඹෙන ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.













