මෙවර පාපන්දු ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම ගෝලය පැරගුවේ කණ්ඩායමෙන්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරග තුනක් අද පෙරවරුව වන විට අවසන් වුණා.

අද පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට මේ වනවිට ලෝක ශ්‍රේණි ගත කිරීම්වල 06 වන ස්ථානයේ පසුවන ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ පැරගුවේ කණ්ඩායම් සමත් වුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ පිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයේ දී බ්‍රසීල තරගය පැවති අතර එම තරගයේ බ්‍රසීල කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ හයිටි රාජ්‍යයයි.

පිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් 67,594ක් ඉදිරියේ පැවති මෙම තරගය ගෝල තුනට බින්දුවක ජයක් වාර්තා කරන්නට ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණා.

බ්‍රසීලය ඉදිරියේ ලැබූ මෙම පරාජයත් සමඟ 2026 FIFA පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසි වූ පළමු කණ්ඩායම බවට හයිටි රාජ්‍යය පත් වුණා.

මේ අතර පාපන්දු පිටියේ ප්‍රබලයෙකු වන තුර්කියට ගෝල 1-0 කින් පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කරන්නට පැරගුවේ කණ්ඩායමට හැකියාව ලැබුණා.

‘D’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී, මෙවර FIFA පාපන්දු ලෝක කුසලානයේ වාර්තා වූ වේගවත්ම ගෝලය වාර්තා වීමට විශේෂත්වයක්.

තරගය ආරම්භ වී දෙවැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කළ මැදපෙළ ක්‍රීඩක මාටියාස් ගලාර්සා මෙවර තරඟාවලියේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

ප්‍රේක්ෂකයින් 68,500ක් ඉදිරියේ මෙම තරගය පැවැත් වුණේ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර ස්කොට්ලන්තය සහ ප්‍රබල මොරොක්කෝව අතර පැවති තරගය ගෝල එකට බින්දුවක් ලෙස ජයගත්තේ මොරොක්කෝ කණ්ඩායමයි.

මෙම ජයග්‍රහණයත් සමඟ මොරොක්කෝව ප්‍රසාද ලකුණු හතරක් රැස් කර ‘C’ කාණ්ඩයේ ඉහළට පැමිණියා.

ප්‍රකාශිත සංඛ්‍යාලේඛනවලට අනුව, මොරොක්කෝ ක්‍රීඩකයින් මෙම තරගය අතරතුර පාස් 601ක් සම්පූර්ණ කළ අතර, එය 1966 සිට ලෝක කුසලාන තරඟයක දී අප්‍රිකානු කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද වැඩිම පාස් සංඛ්‍යාව වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51