ජනාධිපති ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීමද සිදු වූ අතර, වසරකට දෙවතාවක් අදාළ කාර්යසාධනයන් ඇගයීමටද මෙහිදී තීරණය කෙරුණා.

එක් එක් අමාත්‍යාංශ සඳහා ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදන යෙදවූ ආකාරය, ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම මෙම වසර තුළ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආයෝජනවලදී, විදෙස් ආයෝජකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට සිදුකිරීමට නියමිත ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසාදීම පිළිබඳවද සාකච්ඡා වුණා.

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත් මෙහිදී අවධානයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51