දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය අද (20) දින පෙරවරුවේ යළි ආරම්භ වුණා.
සුළි කුණාටුවේ බලපෑමෙන් මාස 07කට ආසන්න කාලයක් මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාලව පැවතියා.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.
නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය කිරිමේ කටයුතු ආරම්භ කළ අතර, එහිදී පොඩි මැණිකේ දුම්රියෙන් ඇල්ල සහ බදුල්ල දක්වා ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටියා.













