දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 135ක්

කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලේදී මියගිය සංඛ්‍යාව 609 ක් වුවත් තෙවැනි රැල්ලේ මරණ ඉතා සැළකිය යුතු ලෙස ඉහළ ගියේය. 

ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසු කොවිඩ් තුන්වැනි රැල්ලේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,095 කි.

මෙවැනි පසුබිමක පසුගිය 13 වැනිදා සිට 20වැනිදා දක්වා  සිදුවූ කොවිඩ් මරණ, සාමාන්‍යය දිනකට 50ක් පමණ වේ. 

නමුත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ජුනි 21 වැනිදා සිදුවූ මරණ සංඛ්‍යාවත් සමග කොවිඩ් මරණ සංඛ්‍යාව මෙලෙස ඉහළ යයි.

සති 3කට ආසන්න කාලයක් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑම  ගැටලු සහගත තත්ත්වයකි.

 මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාවනැල්ලේ ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන නොමැති බවට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

රුපියල් මිලියන 250 ක වටිනාකමකින් යුත් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත ”හෘද කැතීටරීකරණ රසායනාගාරය අද විවෘත කෙරුණි.

එම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පාර්ශවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත එන්නත් ලබාදීම අද සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47